2012/08/21

රනිල් ගාමිණීට කෙළියද?

ජාතියේ මරාගෙන මැරෙන ප්‍රශ්නය
-රනිල් ගාමිණීට කෙළියද? 


මේ දිනවල මාධ්‍ය මගින් උඩ දාමින් ,,ලොකු පොල් ගෙඩි අකුරෙන් පළ කෙරෙන, පැණි නිව්ස් එකක් වී ඇත්තේ 94 මැතිවරණයේදී රනිල් ගාමිණීව පැරදවීමට රහසේ කටයුතු කළ බැව් කියව්න ප්‍රවෘත්තියයි ..මේ කතාව කරළියට ආවේ ශ්‍රීලනිපේ මහලේකම්  මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවෙදී කල කතාවක් නිසාය.

ඇත්ත වශයෙන්ම මේ දිනවල පොළොන්නාරුවේ මිනිසුන්ට තිබෙන බරපතළම, ඛේදජනකම හා දැවෙන ගැටළුව වන්නේ රනිල් ඇත්තටම ගාමිණීට කෙළෙව්වාදැයි දැන ගැනීමේ උවමනාවයි. ඔව්නට කුඹුරු පිටිවලට කලට වෙලාවට ජලය සැපයෙන අතර කිසිදු උපද්‍රවයකින් තොරව තව නොබෝ දිනකින් සරුසාර අස්වැන්නක් ලැබෙනු ඇත.

තවද,
බදු පිට බදු ගැසුවත් රජයෙන් ගෙන්වන සුපිරි ඩීසල් හා පෙට්‍රල් වලින් දුවන ගොවියන්ගේ වාහන වලින් පුරවා ඔව්න් තම අසවැන්න වෙළදපොලට ගෙනයනු ඇත

තවද,
ඔව්න්ගේ දරුවන් මුහුණ දෙන විභාග ප්‍රශ්න පත්තරවලද අදාළ අධ්‍යාපනික ගැටළු මිස වෙනත් ගැටළුවක් නොමැත.

තවද,
පසුගිය වසරවල විභාගයන්ට මුහුණ දුන් ගොවි දරුවන් දැන් විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබයි.  ඒ උත්තම අධ්‍යාපනඥයකු වූ සුමනසිරි බණ්ඩා තුමාගේ විශිෂ්ට ක්‍රියා කලාපයට පින්සිදුවන්නටය.

තවද,
තංගල්ලේ ස්ත්‍රී දූෂකයන්ට ඇප තියා ඇප නූලක්වත් බැදීමට ඉඩකඩක් නොතියා ඇති නිසා අධිකරණ ක්ෂෙත්‍රයේද ගැටළුවක් නොමැත.

තවද,
සරසවි ආචාර්යවරුන් මොන තරම් පිස්සු කෙළියත් ඔව්නටද පිටරට යාමට පහසුකම් ලබාදී ඇති අතර ඒ අපේ අධ්‍යාපනයේ දියුණුවයි.

තවද,
ඉදහිට බද්වුද්දීන් වැනි දඟකාර,සුරතල් පෙනුමක් ඇති ඇමතිවරයෙක් පොඩි පහේ සද්දයක් දැම්මත් එයින් අපේ අධිකරණයේ ස්වාධීනත්වයට හෝ එහි ගෞරවනීයභාවයට අබමල් රේණුවකවත් කැළලක් සිදුවී නොමැත.  

තවද, 
පැය විසිහතර පුරාම විදුලිය ලබාදෙන අතර හිස මුඩු කර දසසිල් සමාදන් වී සිටින පාඨලී නම් වූ කෙළෙඹි පුත්‍රයා හෙට අනිද්දාට මහා භාරතයටත් අපේ අතිරික්ත විදුලිය ලබාදෙන්නට කැස කවාගෙන බලා සිටියි. 

තවද, 
පදක්කම් තියා අහලකටවත් ළං වීමට නොහැකි වූවත් වැඩිම නිලධාරීන් පිරිසක් ඔලිම්පික් උළෙලට සහභාගි කරවීමට තරම්  අප සුඛිත මුදිත වී සිටියි. 

 ඉතින්, ඇත්තටම පොළොන්නරුවේ ගොවියන්ට තිබෙන මරාගෙන මැරී හෝ විසදාගත යුතු ගැටළුව වන්නේ රනිල් උන්නැහේ 94 දී ගාමිණී දිසානායකට වැඩේ දුන්නාද යන්නයි. මෛත්‍රීපාල සිරිසේන වැනි සංවේදී නායකයින්ට පොළොන්නරුවේ ගොවීන්ගේ එම ගැටළු මනාව අවබෝධ වී තිබෙන නිසාය එහෙම ප්‍රකාශයක් කළේ.
 

එහෙත් ....,සිරිසේනලා දැනගතයුතු කාරනාවක් තිබේ,
 කුඹුරු ටික මැරී ගොස්
 අපේ අහිංසක අම්මලාට තාත්තලාට හූල්ලන්නට ඉඩ තැබුවහොත් සියල්ල ආපිට කරකවන්නට
 පොළොන්නරුවෙ තරුණ ගොවියන්
 දෙපාරක් නොසිතන බවයි.  



10 comments:

  1. හොඳ ලිපියක්. කතාව ඇත්ත දැන් මිනිස්සුන්ට තියන ප්‍රශ්නෙ තමයි රනිල් 94දි කල දේවල්. අනිත් ප්‍රශ්න ඔක්කොම විසඳිලා. වැව් හිඳිල ඒවයේ හෝටල් හදන්නෙ නෑ, අපේ පැතිවල දේශපාලකයන්ට උවමනා විදියට වැවේ එක පැත්තකට විතරක් වතුර දීම සිදුවෙන්නෙ නෑ...... ඕව එකක්වත් දැන් සිදුවෙන්නෙ නෑ. ඒකයි මේ ප්‍රශ්නෙ ප්‍රමුඛතා ලැයිස්තුවෙ උඩට ඇවිල්ල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ්, මෙහෙ මිනිස්සු තමන් සතු සියල්ල උකසට තියලයි මේ හැමදෙයක්ම කරන්නේ.. උන්ගේ පපුව ගිනිගන්න හැටි සිරිසේනලාටත්, ටීවි --පත්තරකාරයින්ට ත් තේරෙන්නේ නෑ.

      Delete
  2. අපේ අහිංසක අම්මලාට තාත්තලාට හූල්ලන්නට ඉඩ තැබුවහොත්

    මෛත්‍රී ගොයියාගේ අම්මා තාත්තා මතක් කිරීමෙන් පමණක් පොළොන්නරුව ගොවි පුත්‍ර‍යන් නොනවතින බව මමද අදහමි. මේ ජහජරා දේශපාලන වියරුව පෙරළන්න පළමු වෙඩි මුරය පොළොන්නරුවෙන්ද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ,,අපි හැමදාම අනෙකා ඉස්සර වෙනකම් බලාගෙන ඉන්න ආත්මාර්ථකාමී ක්‍රියාකලාපයන් නවතා තනි තනිව හෝ අපට සිදුවෙන අසාධාරණයන්ට විරුද්ධව නැගී සිටිය යුතුයි නේද?

      Delete
  3. ඉගුරු දීලා සයනයිඩ් ගන්න අකමැති මිනිස්සුන්ට විශ්වාසදායී විකල්පයක් නෑ.
    ඒහිනදා ඔය මොන ප්‍රශ්න තිබුණත් 60% ඉක්ම වූ ප්‍රතිශතයකින් සන්ධානය ඡන්දය දිනාගන්නවා....
    මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන ජ වි පෙ යි.

    ReplyDelete
    Replies
    1. අමුතුවෙන් සයිනයිඩ් ගන්න ඕනේ නෑ සුමිත් අයියේ මේ සයිනයිඩ් තමා. ලංකාවේ සෑම දේශපාලන පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් අද ඇතිවෙලා තියෙන එකාධිපති නිර්ලජ්ජිත පාලන තන්ත්‍රය ගැන වගකියන්න ඕනේ.

      Delete
  4. හොඳ විග්‍රහයක්.සුමිත් නිරිඇල්ල@ ජවිපෙ මොනවා කරන්නද. රටේ ලොකුම දේශපාලන පක්ෂය වුන u .n p තමන්ගේ කාරිය ඉටු නොකර හොරට නිදාගෙන ඉන්න විට.ජවිපෙ තමන්ට හැකි පමණින් තම මතය සමාජ ගත කරනවා.අනිත් අතට රටේ මිනිසුන් ඉන්නේ යම් මෝහන නිද්‍රාවක ගැලිලා.උන් චන්දය දෙන්නේ කප් ගහපු ස්ත්‍රී දුෂකයාට එහෙම නැත්නම් කුඩු මුදලාලිට.එහෙමත් නැත්නම් මෙගා නිළියන්ට.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාව නම් මිනිසුන් මත පෙන්වා ඇති පැසිස්ට් නිර්දය මර්දනයන් ඔව්න්ගේ මේ ගැඹුරු නිද්‍රාවට හේතුව බවයි . සුමිත් නිරිඇල්ල කියනවා වාගේ විශ්වාසදායි විකල්පයක් නොමැතිකම. ඔබ කියනවා වගේ හොරට නිදාගෙන ඉන්න unp ට ඒ විශ්වාසවන්තකම ඇතිකරන්න බැහැ.

      Delete
  5. ගාමිණී කියලා දැක්ක ගමන් මට මතක් වුනේ ගාමිණි අතුකෝරළව

    ReplyDelete
  6. දහදියම දෑවැද්ද කර ගත්ත නුඹලා
    බැත කන්ද වියලෙද්දි මිය දෙන්න ඇරලා
    නිදි වැද්ද රජ ඔටුනු වැජඹෙන්න හරිනා
    .
    .
    .
    .
    .
    .
    .
    .

    දෙවියන්ට පින් දෙන්න පුලුවන්ද වැදලා ...

    ReplyDelete